Friday, June 9, 2017

කුඩුයි බඩුයි

අද කථා කරන්න හිතුනේ සමාජේ එක් පිළිලයක් ගැන.අහලා නැද්ද ජිවිත හදාගන්න නම් කුඩුයි බඩුයි එපා කියලාබඩු කියන සමාජ හංවඩුව පසෙකින් තියලා කුඩු ගැන පොඞ්ඩක් කතා කරමු.
මොලයේ ක්‍රියාකාරීත්වය කෙරෙහි ලපාන සහ මොලයේ සාමාන්‍ය මානසික කිරියාකාරීත්වය වෙනස්කරන නීති විරෝධී දේ මත් ද්‍රව්‍ය වේ.

                උදා -     1.දුම් වැටි
                           2.මත් පානය
                           3.ගංජා
                           4.හෙරොයින්
                           5.වේදනා නාශක බෙහෙත්








සෑම දෙනෙක්ම තම ජිවිතයේ කිසියම් කාලයකදි මත්ද්‍රව්‍ය භාවිතා කර ඇතඑයට විවිධ ඖෂධබුලත්දුංකොළකෝපි  ආදාළයමත් ද්‍රව්‍ යනු නියමිතව ගත් කල ඖෂධයකිඑහි සීමාව ඉක්ම වූ කල එය වෛද්‍යය ,සාමාජියමනෝ විද්‍යාත්මකනෛතික ආගමික ප්‍රශ්නවලට මඟ පාදන්නකි.
ක්‍රි. 1505 දී පෘතුගීසි අක්‍රමණයත් සමඟ ලංකාවටමුලින්ම පැමිණෙන මත් ද්‍රවය වන්නේ අබිං හිඇති සමාජ ගැටලුකාරී තත්වය මතුවෙත්ම 1867 අංක16 දරන අබිං සහ කංසා පනත පනවන ලදි.
මෙම  මත් ද්‍රව්‍ය වර්ධනයට බලපෑ කරුණු කාරණාකිහිපයකි.
1 .  1978 හදුන්වා දුන් විවෘත ආර්ථිකය සමඟ ඇතිවුජාත්‍යන්තර වෙළඳා වර්ධනය වීම.
2 . ලංකාව පිහිටා ඇති ස්ථානයේ බලපෑ.(මත් ද්‍රව්‍යනිෂ්පාදනය කරන , ආනයනය කරන බොහෝ රටවල්ලංකාවට ආසන්නයේ පිහිටි රටවල් වීමඋදාබුරුමයතායිලන්තයපාකිස්ථානයග්ෆනිස්ථානයඉරානයලාඕසයඉන්දියාව
3 . සංචාරක ව්‍යාපාරය දියුණු වීම.
4 . විදේශ ගතවීම් වැඩි වීම.

මෙ ලිපිය හරහා සාකච්ඡාවට ලක් කරන්නට සිතුවේමත් ද්‍රව්‍යයවලින් වැඩි ලෙස විනාශකාරි මත් ද්‍රව්‍යයක්වන මත් කුඩු පිළිබඳවය.
1930 වන විට ශ්‍රි ලංකාවේ වැඩි වශයෙන් භාවිතාකළේ අබිං සහ ගංජාය. 70 දශකය වන විට ලෝකයේප්‍රබලතම මත් ද්‍රවයන් ලෙස හෙරොයින් භාවිතයආරම්භ විය. මත් ද්‍රව්‍යයන් ලෙස මත් කුඩු යටතටගැනෙන,

                    1.හෙරොයින්
                     2.ක්‍රොකඩයිල්
                     3.කොකෙන්
                     4. ඩස්ට්

ලොව පුරා දැන් පැතිරී ගොස් හමාරය.

ලංකාව ආසියාවේ මෙම  මත් ද්‍රව්‍යය එහා මෙහා ගෙනියන කෙන්ද්‍රස්ථානය බවට වර්තමානයේ පත්ව ඇතනමුදු මේ කිසිවක් ලංකාවේ නිෂ්පාදනය නොවේ. 
හෙරොයින් ඩයිඇසිට්යිල් මොෆින් ලෙ හැදින්වේපොපි ශාඛයෙන් සාදා ගන්නා අබිං වලින් මොෆින් සදා ගන්නා අතර එයට තවත් ද්‍රවය එක් කර හෙරොයින් නිෂ්පාදනය රයිසුදුදුඹුරුකහපැහැයෙන්ද කුඩුකැටදියර වශයෙන්ද මෙය භාවිතකරයිමෙය එන්නත් කරණය මගින් ශරීර ගත කරගනියි. 

කොකෙන් හෙරොයින්වලට වඩා අඩු මුදලට ගතහැකි මත් කුඩකිමෙම කුඩු නාසය තුළට ගෙනඅශ්වාසය කිරීම මගින්දඇතැමුන් දුම් පානය කරන ලෙසින්දඇතැමුන් එන්නත් කරණය මගින් එය ශරීර ගත කරයි.
මෙයද හෙරොයින්වලට ආදේශකයකිමිල අඩු නිසාමෙය රටවල් අතර ජනප්‍රි මත් කුඩකිමෙය භාවිතය මගින්  හානිය කොපමණද යත් එය භාවිතකරන්නන්ගේ ආයු කාලය අවුරුදු දෙකකටත් වඩාඅඩුය.
ඩස්ට් මත් කුඩු වර්ගයද මිල අඩු මත් ද්‍රවයකිවේදනා නාශක යොදා නිපදවන මෙය ලංකාවේව්‍යාප්තව පවති.

මෙම මත් කුඩු ගැනීම මගින් විවිධ හැඟීම් සහශාරීරික ලක්ෂණ මේලෙස දැක්විය හැකිය.

1.සිතට දැඩි සතුටක් දැනීම.
2.දැඩි ආවේගශීලී බව.
3.අත් පා වේව්ලීම.
4.වචන පැටලීම
5.මනංකල්පිත චරිත පෙනීම.
6.අංශ භාගය
7.හදවත් අමාරුව
8.අධි රුධිර පීඩනය
9.කෝමා තත්වය
10.අපස්මාරය

ඉන් කිහිපයකි.

මත් පැන්දුම් පානය වැනි මත් නාශකවලට වඩා මත්කුඩුවලට ලැබෙන පිළිගැනීම එතරම් සුබ නැතසමාජ යාදින්නේ කුඩුකාරයා යන හන්වඩු ගැහිල්ලෙන්ම දැනෙන්නේ  සමාජ භාවිතයේපිළිකුලයි.
ප්‍රකෘතියෙන් සිටින මිනිසා විකෘතියට ආස කරන්නේඇයිඑනම් මෙම මත් කුඩුවලින් කරන්නෙම ප්‍රකෘතිමිනිසා විකෘතියට ළං කරන එක නොවේද?  ප්‍රකෘතියේ රැඳී සිටීමට මිනිසා වැඩි මනාපයක් නොදක්වන්නේ ඇයිනැතිනම් මෙයින් සිදු වන්නේ එහිම අනිත් කාරණයදඑනම් විකෘති මිනිසා   ප්‍රකෘතියට ළං කිරීමදකෙසේ නමුදු මිනිසාගේ ප්‍රකෘතියම මිනිසාගේ  විකෘතිය  යන්න ගැටලුවකිඔව්එය සත්‍යයක්.
කෙසේ නමුදු වර්තමානයේ මත් වතුර, දුම් වැටිගංජා ආදි මත් ද්‍රව්‍යයන්වලට වඩා කුඩුවලට ඇබ්බැහි විමේ ප්‍රවනතාවය වැඩි වන්නේ මන් යන්නසොයා බැලීම වටී.
සිත සතුටට පත් කිරිම මත් කුඩු  භාවිත කිරිමෙන් එන එක් හැඟීමකිඑය අනෙක් මත් ද්‍රව්‍යයවලට වඩාක්මන් ඉක්මන් සතුට සොයා යන මනේකෙළවර කොතනින් කොතනටද

බෞද්ධයෙකුගේ අචාර ධර්ම පද්ධතියේ පදනම පංචසීලයයිමදයට හෝ ප්‍රමාදයට හේතුවන මත් වතුරපානයෙන් වැලකීම එහි පස්වන ශික්ෂා පදයකි. මත්වතුර පමණක් නොව මත්වීමට ප්‍රමාදයට හේතු වනකුමන හෝ මත් ද්‍රවය වර්ගයක් භාවිත කිරීම මෙයටඅදා වේබෞද්ධයන් වැඩි වශයෙන් සිටින රටකඔය කියන පංච ශීලය රැඳිලා තියෙන්නේ කොහිදආගමසහ්‍යත්වයසංස්කෘතියසාරධර්මසදාචාරය ඔන්න ඔය කියන ජාති ඕනවට වැඩිරකින්න ගිය එකයි ප්‍රශ්නේ වුණේබුදු හාමුදුරුවොකිව්වේ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්නඑහෙනම් ආගමසභ්‍යත්වයද මේ ප්‍රශ්නෙට මුල...?
කුඩු ගන්න සල්ලි නැතිව අම්මා අප්පා විකුණනසමාජයෙම තමයිසල්ලි වැඩි වෙචිච ව්‍යාපාරිකනෝන මහත්තුරු අම්මා තාත්තා බලු කුඩුවලටදැම්මෙත්එහෙනම් සල්ලි  මේ ප්‍රශ්නෙට මුල...?

සමාජ හංවඩුවෙන්ම කියන්නම්කුඩුකාරයාසධාරණීකරණය කරන්න බැහැනමුත් සම්පූර්ණවැරැද්ද  පිට පටවන්නත් බැහැකුඩු අල්ලන්න නීතිපනව මිනිස්සුම නම් මේ කුඩු ගෙන්වන්නේඑතනින් එහාට මොන කතාදසමාජෙටත් වගකීමක් තියෙනවාඑහෙමයි කියලා සමාජෙට සේරම වගකීම්දෙන්න බැහැනේමොකද දුන්නට වැඩක් නැහැ.
අන්තිමටම මුලින් කිව්ව කථාව වෙනස් විදියකටආයේ කියන්නම්...! ජිවිතේ විඳලා විඳවන්න නම්කුඩුයිබඩුයි තමා...



13 comments: