Thursday, August 17, 2017

ආත්ම රාගය

              ආත්ම රාගය


බුදුන් සමයේ ජිවත් වු ඉතා ධාර්මික ලෙස බුදුදහමට ලැදිව ජිවත් වු බිමිබිසාර රජුගේ අග බිසව වුයේ  සුන්දර ඛේමා බිසවයි.රජු ධාර්මිකව බුදු රදුන්ගේ අනුශාසනා යටතේ ජිවත් වුවද ඛෙමා බිසව ගත කලේ ඉතා උඩගු ජිවිතයකි.බිමිබිසාර රජු තම අග බිසව බුදු දහමට සමිප කරවන්නට කොතරමි උත්සහා කලද එය කල නොහැකි විය.මන්ද යත් ඛෙමා බිසව තම රැපශ්‍රියේන් ඉතාමත් උඩගු වි සිට් නිසාය.බිමිබිසාර රජු මේයට කදිම උපක්‍රමයක් කල්පනා කලේය.ඒනම් බිමිබිසාර රජු නිරන්තරයේන් බුදු රදුන්ගේ ශ්‍රි දේහය ඇයට ඇසේන සේ වරින් වර වර්නණා කලේය.මේ පිලිබද්ව ඊරිසියවක් ඇති වු ඛේමා බිසව බුදු රදුන් සියැසින් දැක බලාගන්නට සිතුවේය.ඇය බුදු රදුන් වැඩ සිටි ආරාමයට ගියේය.බුදු රදුන් මේය දිවැසින් දුටුවේය.උන් වහන්සේ ඛේමා බිසවටත් වඩා රූපයේන් සුන්දර වූ කාන්තාවන් දේදෙනේක් තමන් වහන්සේට පවන් සලන අයුරු ඛේමා බිසවට පමනක් දකින්නට සැලැස්සුවේය.මේය දුටු ඛේමා බිසවගේ සිතුවිල්ලට ආවේ ඇයට වඩා අලංකාර කාන්තාවන් සිටින බවය.මොහොතින් මොහොත බුදු රදුන්ට පවන් සලන සුන්දර වු යුවතියන් මහලු වන්නට විය.රූපය වැහැරි ජාරා ජිර්න වි රූපය නැති වි ගියේය.මේ සියල්ලේන් අනිත්‍යය තේරුම්
ගත් ඛේමා බිසව බිමිබිසර රජුගේන් අවසර රැගේන මහණ විය.


නාසිසස් කිසිදාක තම රුව නුදුටු රූමත් ග්‍රීක තරුණයකි.මොහුට බොහෝ කාන්තාවන් ප්‍රේම කරද මොහු එ සියලු දෙනා ප්‍රේතික්ශේප කලහ.මොහුට බොහෝ සෙයින් ආදරය කල එකෝ නැමැති තරුනියද ඔහු ප්‍රේතික්ශේප කලාය.දිනක් වනයක සැරිසරන අතර මුව සොදා ගැනිමට පොකුනකට නැඹුරැ විය.පළමු වරට තම රූමත් මුහුනේ ඡායාව දුටු නාසිසස්, දියෙහි වෙසෙන දේවගනකැයි රැවටී ඵය වැලද ගැනිමට තැත් කළේය. දියරැළි අතර නොපෙනී ගිය දෙවගන, දියරැළි සන්සිදෙන විට නැවත දිස්විය. තමා දෙස ඇල්මෙන් බලා සිටින දෙවඟන වැළඳ ගැනීමට ඔහු නැවතත් තැත් දැරූ නමුදු ඇය දිය රැළි අතර සැගවී සැගවී ඵබිකම් පෑවාය. දවස පුරා නිෂ්ථල තැතක් දැරූ ඔහු නිවස බලා ගියේ පසුදා ද පැමිණ තම මනදොළ පුරවා ගැනීමේ අදිටනිනි. පසුදාද, ඊට පසුවදාද , ඊට පසුදාද,..........පොකුණ වෙත පැමිණි නාසිසස් යළි යළිත් දෙවගන වැළඳ ගැනිමට තැත් කළ මුත් දිය රැළි ඊට හරස්විය අන්තිමේදී ඔහු ආලයෙන් වෙළී,වියළී පොකුණු තෙරම මරු වැළද ගත්තේය. ඒ දුකින් ඔහුට ආදරය කල ඒකෝද මිය ගියේය.නාසිසස් දිවි පිදු තැන මල් පැලයක අපූරු සුවදැති මලක් පීපී තිබෙනු දුටු ඔහුගේ ශෝකාතුර නෑ හිතවත්හූ සිහිවටනයනක් ලෙසින් ඵයට “නාසිසස්“ යන නම තැබූහ. එකෝගේ දොංකාරය වනන්තරේ රැවි පිලිරැවි දුන්හ.ආත්ම ස්නේහය“ යන අරුත ඇති narcissism යන වචනය ශබිද කෝෂයට ඵකතුවුනේ මෙමගින්ය.

පස්සේ කාලෙකදී ඔය සිද්ධිය පසුබිම් කරගෙන සිග්මන් ෆ්‍රොයිඩ් රචනා කරනවා On Narcissism කියල සටහනක්, එහි කියවෙන්නේ නාසිස්තිකත්වය ගැන ෆ්‍රොයිඩ්ගේ අදහස් කොහොම වුනත් දැන් වෙනකොට ඔය නාසිස්තිකත්වය (Narcissism) කියන වචනය පුළුල් රාමුවකින් අරුත් ගැන්වෙනවා. මුලික අර්ථය ආත්ම රාගය ලෙස හඳුන්වන්න පුළුවන්. අඩු වැඩි වශයෙන් සෑම කෙනෙක්ගෙම පවතින ලක්ෂණයක් වුනත් සීමාව ඉක්මවා ගියහම ඒක මානසික රෝගයක් බවට පත්වෙනවා.

ලොව බහුතරයකට මේම රොගය අඩු වැඩ් වශයෙන් පවතින බව සොයා ගෙන තියෙනවා.ආත්ම රාගය නැත්නමි තමන් ගැන ඕනිවටත් වඩා සිතිම.උඩගුකම ත් ම්ට ටිකක් සමානයි.අද ලොව සියලු දෙනා ජිවත් වන්නේ මේ මුලාව සමග.
තවත් කෙනෙක් පහලට දාන්න.තවත් කෙනෙක් අපහසුතාවයකට ලක් කරන්න සියලු දෙනා කට අයා ගෙන සිටිනවා.තමන්ගේ උසස් බව පෙන්වන්නේ  වචන වලින් නෙවෙයි ක්‍රියාවෙන්..ඛේමා තෙරණිය එහි ඇති අරැත් සුන් බව වටහා ගත්තා නමුත් නාසිසස්ට තමන්ගේ ජිව්තේ වැරදුනා.තව කී දෙනෙක්ට මේ ජිව්තේ වැරදෙන්න තියෙනවද? වරද්ද ගනිවිද? ආත්ම රාගය ඇති කර ගන්⁣නේ ඔබ ව්සින් ඔබ සිත තුලමයි.එය නැති කර ගත යුත්තෙත් ඔබමයි.

No comments:

Post a Comment