Thursday, August 17, 2017

ආත්ම රාගය

              ආත්ම රාගය


බුදුන් සමයේ ජිවත් වු ඉතා ධාර්මික ලෙස බුදුදහමට ලැදිව ජිවත් වු බිමිබිසාර රජුගේ අග බිසව වුයේ  සුන්දර ඛේමා බිසවයි.රජු ධාර්මිකව බුදු රදුන්ගේ අනුශාසනා යටතේ ජිවත් වුවද ඛෙමා බිසව ගත කලේ ඉතා උඩගු ජිවිතයකි.බිමිබිසාර රජු තම අග බිසව බුදු දහමට සමිප කරවන්නට කොතරමි උත්සහා කලද එය කල නොහැකි විය.මන්ද යත් ඛෙමා බිසව තම රැපශ්‍රියේන් ඉතාමත් උඩගු වි සිට් නිසාය.බිමිබිසාර රජු මේයට කදිම උපක්‍රමයක් කල්පනා කලේය.ඒනම් බිමිබිසාර රජු නිරන්තරයේන් බුදු රදුන්ගේ ශ්‍රි දේහය ඇයට ඇසේන සේ වරින් වර වර්නණා කලේය.මේ පිලිබද්ව ඊරිසියවක් ඇති වු ඛේමා බිසව බුදු රදුන් සියැසින් දැක බලාගන්නට සිතුවේය.ඇය බුදු රදුන් වැඩ සිටි ආරාමයට ගියේය.බුදු රදුන් මේය දිවැසින් දුටුවේය.උන් වහන්සේ ඛේමා බිසවටත් වඩා රූපයේන් සුන්දර වූ කාන්තාවන් දේදෙනේක් තමන් වහන්සේට පවන් සලන අයුරු ඛේමා බිසවට පමනක් දකින්නට සැලැස්සුවේය.මේය දුටු ඛේමා බිසවගේ සිතුවිල්ලට ආවේ ඇයට වඩා අලංකාර කාන්තාවන් සිටින බවය.මොහොතින් මොහොත බුදු රදුන්ට පවන් සලන සුන්දර වු යුවතියන් මහලු වන්නට විය.රූපය වැහැරි ජාරා ජිර්න වි රූපය නැති වි ගියේය.මේ සියල්ලේන් අනිත්‍යය තේරුම්
ගත් ඛේමා බිසව බිමිබිසර රජුගේන් අවසර රැගේන මහණ විය.


නාසිසස් කිසිදාක තම රුව නුදුටු රූමත් ග්‍රීක තරුණයකි.මොහුට බොහෝ කාන්තාවන් ප්‍රේම කරද මොහු එ සියලු දෙනා ප්‍රේතික්ශේප කලහ.මොහුට බොහෝ සෙයින් ආදරය කල එකෝ නැමැති තරුනියද ඔහු ප්‍රේතික්ශේප කලාය.දිනක් වනයක සැරිසරන අතර මුව සොදා ගැනිමට පොකුනකට නැඹුරැ විය.පළමු වරට තම රූමත් මුහුනේ ඡායාව දුටු නාසිසස්, දියෙහි වෙසෙන දේවගනකැයි රැවටී ඵය වැලද ගැනිමට තැත් කළේය. දියරැළි අතර නොපෙනී ගිය දෙවගන, දියරැළි සන්සිදෙන විට නැවත දිස්විය. තමා දෙස ඇල්මෙන් බලා සිටින දෙවඟන වැළඳ ගැනීමට ඔහු නැවතත් තැත් දැරූ නමුදු ඇය දිය රැළි අතර සැගවී සැගවී ඵබිකම් පෑවාය. දවස පුරා නිෂ්ථල තැතක් දැරූ ඔහු නිවස බලා ගියේ පසුදා ද පැමිණ තම මනදොළ පුරවා ගැනීමේ අදිටනිනි. පසුදාද, ඊට පසුවදාද , ඊට පසුදාද,..........පොකුණ වෙත පැමිණි නාසිසස් යළි යළිත් දෙවගන වැළඳ ගැනිමට තැත් කළ මුත් දිය රැළි ඊට හරස්විය අන්තිමේදී ඔහු ආලයෙන් වෙළී,වියළී පොකුණු තෙරම මරු වැළද ගත්තේය. ඒ දුකින් ඔහුට ආදරය කල ඒකෝද මිය ගියේය.නාසිසස් දිවි පිදු තැන මල් පැලයක අපූරු සුවදැති මලක් පීපී තිබෙනු දුටු ඔහුගේ ශෝකාතුර නෑ හිතවත්හූ සිහිවටනයනක් ලෙසින් ඵයට “නාසිසස්“ යන නම තැබූහ. එකෝගේ දොංකාරය වනන්තරේ රැවි පිලිරැවි දුන්හ.ආත්ම ස්නේහය“ යන අරුත ඇති narcissism යන වචනය ශබිද කෝෂයට ඵකතුවුනේ මෙමගින්ය.

පස්සේ කාලෙකදී ඔය සිද්ධිය පසුබිම් කරගෙන සිග්මන් ෆ්‍රොයිඩ් රචනා කරනවා On Narcissism කියල සටහනක්, එහි කියවෙන්නේ නාසිස්තිකත්වය ගැන ෆ්‍රොයිඩ්ගේ අදහස් කොහොම වුනත් දැන් වෙනකොට ඔය නාසිස්තිකත්වය (Narcissism) කියන වචනය පුළුල් රාමුවකින් අරුත් ගැන්වෙනවා. මුලික අර්ථය ආත්ම රාගය ලෙස හඳුන්වන්න පුළුවන්. අඩු වැඩි වශයෙන් සෑම කෙනෙක්ගෙම පවතින ලක්ෂණයක් වුනත් සීමාව ඉක්මවා ගියහම ඒක මානසික රෝගයක් බවට පත්වෙනවා.

ලොව බහුතරයකට මේම රොගය අඩු වැඩ් වශයෙන් පවතින බව සොයා ගෙන තියෙනවා.ආත්ම රාගය නැත්නමි තමන් ගැන ඕනිවටත් වඩා සිතිම.උඩගුකම ත් ම්ට ටිකක් සමානයි.අද ලොව සියලු දෙනා ජිවත් වන්නේ මේ මුලාව සමග.
තවත් කෙනෙක් පහලට දාන්න.තවත් කෙනෙක් අපහසුතාවයකට ලක් කරන්න සියලු දෙනා කට අයා ගෙන සිටිනවා.තමන්ගේ උසස් බව පෙන්වන්නේ  වචන වලින් නෙවෙයි ක්‍රියාවෙන්..ඛේමා තෙරණිය එහි ඇති අරැත් සුන් බව වටහා ගත්තා නමුත් නාසිසස්ට තමන්ගේ ජිව්තේ වැරදුනා.තව කී දෙනෙක්ට මේ ජිව්තේ වැරදෙන්න තියෙනවද? වරද්ද ගනිවිද? ආත්ම රාගය ඇති කර ගන්⁣නේ ඔබ ව්සින් ඔබ සිත තුලමයි.එය නැති කර ගත යුත්තෙත් ඔබමයි.

Wednesday, June 21, 2017

වොන්කා නොහොත් ජොනි ඩේප්





                   අද කතා කරන්න යන චරිතය කා අතරත් මේ දිනවල ප්‍රසිද්ද චරිතයක්.මොහු කලාකරුවෙක්.මොහුගේ විශේෂත්වය මොහු චරිතාංග නලුවෙකු විමයි.ඕනැම චරිතයක් සාර්ථකව නිමා කිරිමේ හැකියාව මොහු සතුයි.පයිරෙට්ස් ඔෆ් ද කැරබියන් චිත්‍රපටියේ කැප්ටන් ජැක්ස්පරෝව් සමග මොහූ වඩාත් කා අතරත් ප්‍රසිද්ද විය.නමුත් කුඩා කල අප කවුරුත් මොහුව හැදින ගත්තේ චාලි ඉන් ද චෝකලට් ෆැක්ටරි සිනමා කෘතියේ willy wonka ලේසයි.මේ ජෝනි ක්‍රිරිස්ටෝපර් ඩෙප් .

ජෝනි ක්‍රිරිස්ටෝපර් ඩෙප්  යනු ඇමෙරිකානු සුප්‍රසිද්ධ නළුවෙකි.1963 ජුනි ⁣09 මොහු උපත ලැබුවේය.මොහු නිශ්පාදකයෙකු මෙන්ම සංගීතඥයෙකුද වේ. මොහු හොඳම නළුවා සඳහා ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය හා තිර ග්ලොබ් සම්මානය හිමි කර ගත් දක්ශ ජනප්‍රිය නලුවෙකි.

ඩෙප් හොඳම නළුවා සඳහා ඇකඩමි සම්මාන නාම යෝජනා තුනක් ඇතුලු ප්‍රධාන රංගනය  සඳහා නාම යෝජනා වී තිබේ.කළු පර්ල් ශාපය චිත්‍රපටය සඳහා ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටු කිරිම හේතුවෙන් විශිෂ්ඨ හොඳම නළුවා සඳහා ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය දිනා ගැනීමට සමත් විය. ඔහු $ මිලියන 75 ක ආදායම් සමග, ඉහල ම වැටුප් ලබන නළුවා ලෙස 2012 ගිනස් ලෝක වාර්තා ලැයිස්තුගත කර ඇත. ඩෙප් 2015 දී ඩිස්නි ලෙජන්ඩ් ලෙස නාමාවලියට ඇතුලත් කර ඇත.

1986 දී ඕලිවර් ස්ටෝන්ගේ වියට්නාම් යුද්ධ චිත්‍රපටියක් වු platoon හි සහය නලුවෙකු ලෙස රඟපෑමෙන් පසුව ඩෙප් තම රංගන කාර්යය භාර ගන්නා ලදී. එඩ්වර්ඩ් ස්කිසර්න්ඩ්ස්ගේන් (1990) පසු කලෙක ඔහු සිනමාවේ සාර්ථකත්වයට පත් විය.  "පයිරේට්ස් ඔෆ් ද කැරිබියන්" (The Pearls of the Caribbeans): කළු පර්ල් හි ශාපය (2003) , චාලි සහ චොකලට් ෆැක්ටරි (2005) , අමුතුම චිත්‍රපටයක් වන Alice in wonderland (2010), Rango (2011), වැනි සිනමා කෘතින් සදහා මොහු දායක වි ඇත.Rango සිනමා කෘතිය Paramount විසින් බෙදාහරින ලද පළමු 3G-සජීවිකරණ චිත්‍රපටිය වන අතර, එය තවමත් උණුසුම් ප්‍රතිචාරයක් ලබා ඇති අතර ඇකඩමි සම්මාන උළෙලෙහි හොඳම සජිවිකරණ අංගය පිරිනැමෙන අතර ටෝන්ගේ චොයිස් සම්මානය විශිෂ්ට ජෝන් ඩේප් වෙත පිරිනැමූ වේ වසරේ හොඳම හඬ නළුවා ලෙසයි.

ඩෙප් ලෝකයේ විශාලතම සිනමා තරු අතුරින් එකෙකු ලෙස සැලකේ.ඔහුගේ වඩාත් වාණිජමය සාර්ථක චිත්‍රපටය වන කැරිබියන් චිත්‍රපටය (Pirates of the carabian) ඩොලර් බිලියන 3 ක් ඉපයු අතර , Alice in Wonderland ඩොලර් බිලියන 1 ක් ද, චාලි හා චොක්ලට් ෆැක්ටරිය(charlie in the chocolate factory ) ඩොලර් දශ ලක්ෂ 474 ද, සංචාරකයා (the tourist) ඩොලර් දශ ලක්ෂ 278 ක් ද උපයා තිබේ.




ඔහුග් ලමා කාලයේ ඔහුගේ මව දුන් තිලිනය වු ගිටාරය සමග ඔහු සංගිතය තම ජිවිතයේ සිහිනය කොට ගත්හ.ඔහුගේ දෙමාපියන්ගේ දික්කසාදයෙන් පසු ඔහු සංගීතඥයෙක් බවට පත් ව්මට උසස් පාසල් හැර ගියහ. ඔහු සති දෙකකට පසුව නැවත පාසැලට පැමිණියද
විදුහල්තතිතුමා කිවේ ඔහුගෙ සිහිනය හබා යන ලෙසයි.ඔහු මෙම සිහිනය ළමා කාලයේ සිටම සැබැ කර ගන්නට උත්සහා කලේය.ඔහු සංගිත කණ්ඩායමක්ද ගෙන ගියේය.තවද කාලයක් ඔහු පෑන් විකුණා තම ජිවිකාව රැ⁣ගෙන ගියේය.1983 දෙසැම්බර් 20  දින ඩෙප් ලොරි ඈන් විලිසන් සමඟ විවාහ වුවා.තම විවාහයෙන් පසු ඔහු පෑන් විකිණිම ඇතුළු දෛනික රැකියා විවිධ වැඩ කරන අතරතුර වේශ නිරූපණ ශිල්පියෙකු ලෙස ද සේවය කළා. ඩෙප් සහ ඔහුගේ බිරිඳ 1985 දී දික්කසාද වුවාය.2015 දී, ඩෙප් ඇම්බර් ලවුරා සමඟ විවාහ වුන නමුත් 2017 දී ඔවුන් දික්කසාද වුනා.









මොහූ රංගනයෙන් දායක වු චිත්‍රපට-

* Nightmare on Elm Street (1984)
* Private Resort(1985)
* Slow Burn (1986)
* Platoon (1986)
* Cry-Baby (1990)
* Edward Scissorhands (1990)
* Freddy's Dead: The Final Nightmare (1991)
* Benny and Joon(1993)
* What's Eating Gilbert Grape? (1993)
* Arizona Dream(1993)
* Ed Wood (1994)
* Don Juan De Marco(1995)
* Dead Man (1995)
* Donnie Brasco(1997)
* The Brave (1997)
* Fear and Loathing in Las Vegas (1998)
* The Ninth Gate(1999)
* Sleepy Hollow(1999)
* The Astronaut's Wife (1999)
* Chocolat (2000)
* Before Night Falls(2000)
* Blow (2001)
* The Man Who Cried(2001)
* From Hell (2001)
* Once Upon a Time in Mexico (2003)
* Pirates of the Caribbean: The Curse of the Black Pearl(2003)
* Happily Ever After(2004)
* Secret Window(2004)
* Finding Neverland(2004)
* Charlie and the Chocolate Factory(2005)
* The Corpse Bride(Voice, 2005)
* Pirates of the Caribbean: Dead Man's Chest (2006)
* Pirates of the Caribbean: At World's End (2007)
* Sweeney Todd: The Demon Barber of Fleet Street (2007)
* Public Enemies(2009)
* The Imaginarium of Doctor Parnassus(2009)
* Alice in Wonderland(2010)
* The Tourist (2010)
* The Rum Diary(2011)
* Rango (2011)
* Pirates of the Caribbean: On Stranger Tides (2011)
* 21 Jump Street(2012)
* Dark Shadows(2012)
* The Lone Ranger(2013)
* Lucky Them (2013)
* Transcendence(2014)
* Tusk (2014)
* Into the Woods(2014)
* Mortdecai (2015)
* Black Mass (2015)
* Yoga Hosers (2015)
* London Fields(2015)
* Black Mass (2015)
* Allice Through the Looking Glass (2016)
* Pirates of the Caribbean: Dead Men Tell No Tales (2017)





transelate

Thursday, June 15, 2017

පුංචි ආත්මය





මලක් වනු පිණිස නුබ පුබුදුවන්නේ කෙලෙස
සලඔයෙක් වනු පිණිස තටු නොකපන්නේ කෙලෙස
මහා සයුර වන්ට දිය මඟ අහුරන්නේ ⁣කෙලෙස
පියෙක් නැති නුඔට මං මවක් වන්නේ කෙලෙස

කිරි පුසුඔ දැනි ලය රිදුමි දෙයි හදවතම
සිහිවෙලා සුමුදු ලය හැඬුමි එයි නිතර නිතර
කරන්නට කිසි දෙයක් නොතිබිබට අද මෙමට
පව් පිරැණු අම්මාට සමාව දෙන්නේ කෙදින

හිත රැවටුනේ දැනිලයි මහ මෙර සෙනෙහේ
ගත රිදවුයේ ඇනිලයි විස කටු දෙඇසේ
ලය ගිනිලුයේ තනිකම දැනිලයි මහදේ
පුත නැතිවුනේ පෙර පවටයි අද මාගේ

පැතුමක් පතන්නමි යලි මුණගැසෙන්නට
තුන්පත් රෑන ලෙස රැඳිලා හිඳින්නට
වෙනතක් බලා නොගිහින් මංපෙත් සදන්නට
අවසර දියන් හිත හෙමිහිට හැදෙන්නට


Saturday, June 10, 2017

ප්‍රේමය සහා කාලය


මනෝ පුබිබා ගමා ධමිමා මනෝ සෙටිඨා මනෝමයා.සිත සියල්ල පෙරටු කර ගෙන හිදි .සිත සියල්ලටම වඩා ශේෂ්ඨ වේ. සරල වැකියේ ගැඔුරු අර්ථයක් තියෙනවා.එකයි බාහිර ගුණාන්ගයන්ට වඩා ආධ්‍යත්මික ගුණාන්ගයන් වර්ධනය කර ගන්න  කියන්නේ. ඒ මොකද ඒ මඟින් සිත හික්මවා ගන්න නැතිනමි පාලනය කර ගන්න පුළුවන් නිසා.ඉතිං අද  ඔබ හමුවට ගෙන එන්න සුදානමි වන්නේ ආධ්‍යත්මික ගුණාන්ගයන් වර්ධනය    කර ගන්න පුලුවන් දෙයක්.

චිනයට ආවේණික සංස්කෘතික සමිප්‍රාදාය, දර්ශණය ,චින්තනය ,සාරධර්ම ,බුදු දහම පිලිබඳ  රසවත් අධ්‍යාත්මික සංග්‍රාහයක් තමා අද සුදානමි වෙලා තියෙන්නේ සරල ලෙස කිවහොත් අද  කථාන්දරයක් කියන්න යන්නේ. මේ චින උපදේශාත්මක  කථාන්දරයක්.
              
  එකමත් එක කාලෙක සතුට , දුක ,දැනුම සහා ප්‍රේමය ඇතුලු තවත් නොයෙක් හැඟිමි පදිංචිව සිටියලු දුපතක
 දවසක් එම දුපත ගිලා බැසිමේ ලකුණක් තිබු නිසා හැඟිමි නෞකා සොයා පැන යන්නට  වුනා.එහෙත් ප්‍රේමය තිරණය කරා දුපත ගිලා බසින අයුරු සියැසින් දකින තුරු දුපතේ රුඳි  සිටිමටය.දවස්  කිපයක් ගෙවි ගියා.දුපත ක්‍රමක්‍රමයෙන් ගිලි බසින්නට වුනා.ප්‍රේමයට හිතුනා කාගෙන් හෝ සහාය ලබාගෙන දුපත අතහැර යන්නට.ඒ මොහොතේම ධනය විශාල නෞකාවකින් දුපත පසු කරමින් සිටියා.

 “ධනය ඔබට මාව රැගෙන යන පුලුවන්ද?”                                             ප්‍රේමය ඇසුවා.                              
“බෑ බෑ මගේ නෞකාව රන් බඩු වලින් පිරිලා.ඔයාට ඉඩක් නෑ.”.             ධනය කිව්වා.

ඔන්න පුහු මානය අලංකාර නෞකාවක යනවා.

“පුහුමානය මාව මෙි දුපතින් රැගෙන යන්න උදව් කරන්න පුළුවන්ද?”               ප්‍රේමය උස් හඬින්  ඇසුවා.
“මට ඔයාට උදව් කරන්න බෑ.ඔයාගේ මුළු ඇඟම තෙත් වෙලා.ඔයා මගේ ලස්සන නෞකාවට අවොත් එයට හානියක් වෙනවා.”                                                                                         පුහුමානය කිව්වා.






මෙන්න දුකත් එනවා නැවක

. “දුක ඔයාට පුලුවන්ද මාව රැගෙන යන්න.”
“ආ ප්‍රේමය මං ඉන්නේ ගොඩක් දුකින්.මං කැමතියි මගේ පාඩුවේ ඉන්න.”

අන්න සතුට ප්‍රේමය පසු කරන් යනවා

.“සතුට සතුට” ප්‍රේමය සතුටට අඬගැසුවා.
එත් සතුට  සතුටින් සිටි නිසා ප්‍රේමය පෙනුනේ නෑ.

එක් වරම ප්‍රේමයට කටහඬක් ඇහුනා.

“එන්න ප්‍රේමය මං ඔයාව එක්කන් යන්නම් ආරක්ෂිත තැනකට.”

 එසේ කථා කලේ වියපත් පුද්ගලයෙක් බව ප්‍රේමයට පෙනුනා.  ප්‍රේමය ඉතා සතුටට පත්  වුනා.ප්‍රේමය එම පුද්ගලයාගේ උදව් ඇතිව දුපතින් ගැලවුනා. හැබැයි ප්‍රේමය වියපත් පුද්ගලයාට ස්තුති කරන්න කලියෙන් ඔහු නිහඬවම යන්න ගියා.මේ පිළිබඳව හැඟුමිබරව වූ ප්‍රේමය තවත් වියපත් වූ පුද්ගලයෙකු වන දැනුමගෙන් මෙිසේ ඇසුවා.
   “දැනුම ඔය දන්නවද මට උදව් කල අර වියපත් පුද්ගලය කවුද කියලා.”
 “ඔහුගේ නම කාලය.”

“කාලය... කාලය ඇයි මට උදව් කලේ ?”
“ඒ ප්‍රේමය කොයි තරම් උතුම්ද කියලා කාලයට පමණක් තෙරුම් ගන්න පුළුවන් නිසා.”

ඇත්තටම ප්‍රේමය උතුම් බව අදනම් තේරුම් ගන්න පුලුවන් කාලයට විතරක් වෙන්නැති.
 හැබැයි සමහරු මෙහෙමත් කියනවනේ . ප්‍රේමය කාලාවකි, දෙහදක මුලාවකි, කාලය කා දමන, මලහත්තිලව්වකි.

Friday, June 9, 2017

කුඩුයි බඩුයි

අද කථා කරන්න හිතුනේ සමාජේ එක් පිළිලයක් ගැන.අහලා නැද්ද ජිවිත හදාගන්න නම් කුඩුයි බඩුයි එපා කියලාබඩු කියන සමාජ හංවඩුව පසෙකින් තියලා කුඩු ගැන පොඞ්ඩක් කතා කරමු.
මොලයේ ක්‍රියාකාරීත්වය කෙරෙහි ලපාන සහ මොලයේ සාමාන්‍ය මානසික කිරියාකාරීත්වය වෙනස්කරන නීති විරෝධී දේ මත් ද්‍රව්‍ය වේ.

                උදා -     1.දුම් වැටි
                           2.මත් පානය
                           3.ගංජා
                           4.හෙරොයින්
                           5.වේදනා නාශක බෙහෙත්








සෑම දෙනෙක්ම තම ජිවිතයේ කිසියම් කාලයකදි මත්ද්‍රව්‍ය භාවිතා කර ඇතඑයට විවිධ ඖෂධබුලත්දුංකොළකෝපි  ආදාළයමත් ද්‍රව්‍ යනු නියමිතව ගත් කල ඖෂධයකිඑහි සීමාව ඉක්ම වූ කල එය වෛද්‍යය ,සාමාජියමනෝ විද්‍යාත්මකනෛතික ආගමික ප්‍රශ්නවලට මඟ පාදන්නකි.
ක්‍රි. 1505 දී පෘතුගීසි අක්‍රමණයත් සමඟ ලංකාවටමුලින්ම පැමිණෙන මත් ද්‍රවය වන්නේ අබිං හිඇති සමාජ ගැටලුකාරී තත්වය මතුවෙත්ම 1867 අංක16 දරන අබිං සහ කංසා පනත පනවන ලදි.
මෙම  මත් ද්‍රව්‍ය වර්ධනයට බලපෑ කරුණු කාරණාකිහිපයකි.
1 .  1978 හදුන්වා දුන් විවෘත ආර්ථිකය සමඟ ඇතිවුජාත්‍යන්තර වෙළඳා වර්ධනය වීම.
2 . ලංකාව පිහිටා ඇති ස්ථානයේ බලපෑ.(මත් ද්‍රව්‍යනිෂ්පාදනය කරන , ආනයනය කරන බොහෝ රටවල්ලංකාවට ආසන්නයේ පිහිටි රටවල් වීමඋදාබුරුමයතායිලන්තයපාකිස්ථානයග්ෆනිස්ථානයඉරානයලාඕසයඉන්දියාව
3 . සංචාරක ව්‍යාපාරය දියුණු වීම.
4 . විදේශ ගතවීම් වැඩි වීම.

මෙ ලිපිය හරහා සාකච්ඡාවට ලක් කරන්නට සිතුවේමත් ද්‍රව්‍යයවලින් වැඩි ලෙස විනාශකාරි මත් ද්‍රව්‍යයක්වන මත් කුඩු පිළිබඳවය.
1930 වන විට ශ්‍රි ලංකාවේ වැඩි වශයෙන් භාවිතාකළේ අබිං සහ ගංජාය. 70 දශකය වන විට ලෝකයේප්‍රබලතම මත් ද්‍රවයන් ලෙස හෙරොයින් භාවිතයආරම්භ විය. මත් ද්‍රව්‍යයන් ලෙස මත් කුඩු යටතටගැනෙන,

                    1.හෙරොයින්
                     2.ක්‍රොකඩයිල්
                     3.කොකෙන්
                     4. ඩස්ට්

ලොව පුරා දැන් පැතිරී ගොස් හමාරය.

ලංකාව ආසියාවේ මෙම  මත් ද්‍රව්‍යය එහා මෙහා ගෙනියන කෙන්ද්‍රස්ථානය බවට වර්තමානයේ පත්ව ඇතනමුදු මේ කිසිවක් ලංකාවේ නිෂ්පාදනය නොවේ. 
හෙරොයින් ඩයිඇසිට්යිල් මොෆින් ලෙ හැදින්වේපොපි ශාඛයෙන් සාදා ගන්නා අබිං වලින් මොෆින් සදා ගන්නා අතර එයට තවත් ද්‍රවය එක් කර හෙරොයින් නිෂ්පාදනය රයිසුදුදුඹුරුකහපැහැයෙන්ද කුඩුකැටදියර වශයෙන්ද මෙය භාවිතකරයිමෙය එන්නත් කරණය මගින් ශරීර ගත කරගනියි. 

කොකෙන් හෙරොයින්වලට වඩා අඩු මුදලට ගතහැකි මත් කුඩකිමෙම කුඩු නාසය තුළට ගෙනඅශ්වාසය කිරීම මගින්දඇතැමුන් දුම් පානය කරන ලෙසින්දඇතැමුන් එන්නත් කරණය මගින් එය ශරීර ගත කරයි.
මෙයද හෙරොයින්වලට ආදේශකයකිමිල අඩු නිසාමෙය රටවල් අතර ජනප්‍රි මත් කුඩකිමෙය භාවිතය මගින්  හානිය කොපමණද යත් එය භාවිතකරන්නන්ගේ ආයු කාලය අවුරුදු දෙකකටත් වඩාඅඩුය.
ඩස්ට් මත් කුඩු වර්ගයද මිල අඩු මත් ද්‍රවයකිවේදනා නාශක යොදා නිපදවන මෙය ලංකාවේව්‍යාප්තව පවති.

මෙම මත් කුඩු ගැනීම මගින් විවිධ හැඟීම් සහශාරීරික ලක්ෂණ මේලෙස දැක්විය හැකිය.

1.සිතට දැඩි සතුටක් දැනීම.
2.දැඩි ආවේගශීලී බව.
3.අත් පා වේව්ලීම.
4.වචන පැටලීම
5.මනංකල්පිත චරිත පෙනීම.
6.අංශ භාගය
7.හදවත් අමාරුව
8.අධි රුධිර පීඩනය
9.කෝමා තත්වය
10.අපස්මාරය

ඉන් කිහිපයකි.

මත් පැන්දුම් පානය වැනි මත් නාශකවලට වඩා මත්කුඩුවලට ලැබෙන පිළිගැනීම එතරම් සුබ නැතසමාජ යාදින්නේ කුඩුකාරයා යන හන්වඩු ගැහිල්ලෙන්ම දැනෙන්නේ  සමාජ භාවිතයේපිළිකුලයි.
ප්‍රකෘතියෙන් සිටින මිනිසා විකෘතියට ආස කරන්නේඇයිඑනම් මෙම මත් කුඩුවලින් කරන්නෙම ප්‍රකෘතිමිනිසා විකෘතියට ළං කරන එක නොවේද?  ප්‍රකෘතියේ රැඳී සිටීමට මිනිසා වැඩි මනාපයක් නොදක්වන්නේ ඇයිනැතිනම් මෙයින් සිදු වන්නේ එහිම අනිත් කාරණයදඑනම් විකෘති මිනිසා   ප්‍රකෘතියට ළං කිරීමදකෙසේ නමුදු මිනිසාගේ ප්‍රකෘතියම මිනිසාගේ  විකෘතිය  යන්න ගැටලුවකිඔව්එය සත්‍යයක්.
කෙසේ නමුදු වර්තමානයේ මත් වතුර, දුම් වැටිගංජා ආදි මත් ද්‍රව්‍යයන්වලට වඩා කුඩුවලට ඇබ්බැහි විමේ ප්‍රවනතාවය වැඩි වන්නේ මන් යන්නසොයා බැලීම වටී.
සිත සතුටට පත් කිරිම මත් කුඩු  භාවිත කිරිමෙන් එන එක් හැඟීමකිඑය අනෙක් මත් ද්‍රව්‍යයවලට වඩාක්මන් ඉක්මන් සතුට සොයා යන මනේකෙළවර කොතනින් කොතනටද

බෞද්ධයෙකුගේ අචාර ධර්ම පද්ධතියේ පදනම පංචසීලයයිමදයට හෝ ප්‍රමාදයට හේතුවන මත් වතුරපානයෙන් වැලකීම එහි පස්වන ශික්ෂා පදයකි. මත්වතුර පමණක් නොව මත්වීමට ප්‍රමාදයට හේතු වනකුමන හෝ මත් ද්‍රවය වර්ගයක් භාවිත කිරීම මෙයටඅදා වේබෞද්ධයන් වැඩි වශයෙන් සිටින රටකඔය කියන පංච ශීලය රැඳිලා තියෙන්නේ කොහිදආගමසහ්‍යත්වයසංස්කෘතියසාරධර්මසදාචාරය ඔන්න ඔය කියන ජාති ඕනවට වැඩිරකින්න ගිය එකයි ප්‍රශ්නේ වුණේබුදු හාමුදුරුවොකිව්වේ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්නඑහෙනම් ආගමසභ්‍යත්වයද මේ ප්‍රශ්නෙට මුල...?
කුඩු ගන්න සල්ලි නැතිව අම්මා අප්පා විකුණනසමාජයෙම තමයිසල්ලි වැඩි වෙචිච ව්‍යාපාරිකනෝන මහත්තුරු අම්මා තාත්තා බලු කුඩුවලටදැම්මෙත්එහෙනම් සල්ලි  මේ ප්‍රශ්නෙට මුල...?

සමාජ හංවඩුවෙන්ම කියන්නම්කුඩුකාරයාසධාරණීකරණය කරන්න බැහැනමුත් සම්පූර්ණවැරැද්ද  පිට පටවන්නත් බැහැකුඩු අල්ලන්න නීතිපනව මිනිස්සුම නම් මේ කුඩු ගෙන්වන්නේඑතනින් එහාට මොන කතාදසමාජෙටත් වගකීමක් තියෙනවාඑහෙමයි කියලා සමාජෙට සේරම වගකීම්දෙන්න බැහැනේමොකද දුන්නට වැඩක් නැහැ.
අන්තිමටම මුලින් කිව්ව කථාව වෙනස් විදියකටආයේ කියන්නම්...! ජිවිතේ විඳලා විඳවන්න නම්කුඩුයිබඩුයි තමා...