Saturday, June 10, 2017

ප්‍රේමය සහා කාලය


මනෝ පුබිබා ගමා ධමිමා මනෝ සෙටිඨා මනෝමයා.සිත සියල්ල පෙරටු කර ගෙන හිදි .සිත සියල්ලටම වඩා ශේෂ්ඨ වේ. සරල වැකියේ ගැඔුරු අර්ථයක් තියෙනවා.එකයි බාහිර ගුණාන්ගයන්ට වඩා ආධ්‍යත්මික ගුණාන්ගයන් වර්ධනය කර ගන්න  කියන්නේ. ඒ මොකද ඒ මඟින් සිත හික්මවා ගන්න නැතිනමි පාලනය කර ගන්න පුළුවන් නිසා.ඉතිං අද  ඔබ හමුවට ගෙන එන්න සුදානමි වන්නේ ආධ්‍යත්මික ගුණාන්ගයන් වර්ධනය    කර ගන්න පුලුවන් දෙයක්.

චිනයට ආවේණික සංස්කෘතික සමිප්‍රාදාය, දර්ශණය ,චින්තනය ,සාරධර්ම ,බුදු දහම පිලිබඳ  රසවත් අධ්‍යාත්මික සංග්‍රාහයක් තමා අද සුදානමි වෙලා තියෙන්නේ සරල ලෙස කිවහොත් අද  කථාන්දරයක් කියන්න යන්නේ. මේ චින උපදේශාත්මක  කථාන්දරයක්.
              
  එකමත් එක කාලෙක සතුට , දුක ,දැනුම සහා ප්‍රේමය ඇතුලු තවත් නොයෙක් හැඟිමි පදිංචිව සිටියලු දුපතක
 දවසක් එම දුපත ගිලා බැසිමේ ලකුණක් තිබු නිසා හැඟිමි නෞකා සොයා පැන යන්නට  වුනා.එහෙත් ප්‍රේමය තිරණය කරා දුපත ගිලා බසින අයුරු සියැසින් දකින තුරු දුපතේ රුඳි  සිටිමටය.දවස්  කිපයක් ගෙවි ගියා.දුපත ක්‍රමක්‍රමයෙන් ගිලි බසින්නට වුනා.ප්‍රේමයට හිතුනා කාගෙන් හෝ සහාය ලබාගෙන දුපත අතහැර යන්නට.ඒ මොහොතේම ධනය විශාල නෞකාවකින් දුපත පසු කරමින් සිටියා.

 “ධනය ඔබට මාව රැගෙන යන පුලුවන්ද?”                                             ප්‍රේමය ඇසුවා.                              
“බෑ බෑ මගේ නෞකාව රන් බඩු වලින් පිරිලා.ඔයාට ඉඩක් නෑ.”.             ධනය කිව්වා.

ඔන්න පුහු මානය අලංකාර නෞකාවක යනවා.

“පුහුමානය මාව මෙි දුපතින් රැගෙන යන්න උදව් කරන්න පුළුවන්ද?”               ප්‍රේමය උස් හඬින්  ඇසුවා.
“මට ඔයාට උදව් කරන්න බෑ.ඔයාගේ මුළු ඇඟම තෙත් වෙලා.ඔයා මගේ ලස්සන නෞකාවට අවොත් එයට හානියක් වෙනවා.”                                                                                         පුහුමානය කිව්වා.






මෙන්න දුකත් එනවා නැවක

. “දුක ඔයාට පුලුවන්ද මාව රැගෙන යන්න.”
“ආ ප්‍රේමය මං ඉන්නේ ගොඩක් දුකින්.මං කැමතියි මගේ පාඩුවේ ඉන්න.”

අන්න සතුට ප්‍රේමය පසු කරන් යනවා

.“සතුට සතුට” ප්‍රේමය සතුටට අඬගැසුවා.
එත් සතුට  සතුටින් සිටි නිසා ප්‍රේමය පෙනුනේ නෑ.

එක් වරම ප්‍රේමයට කටහඬක් ඇහුනා.

“එන්න ප්‍රේමය මං ඔයාව එක්කන් යන්නම් ආරක්ෂිත තැනකට.”

 එසේ කථා කලේ වියපත් පුද්ගලයෙක් බව ප්‍රේමයට පෙනුනා.  ප්‍රේමය ඉතා සතුටට පත්  වුනා.ප්‍රේමය එම පුද්ගලයාගේ උදව් ඇතිව දුපතින් ගැලවුනා. හැබැයි ප්‍රේමය වියපත් පුද්ගලයාට ස්තුති කරන්න කලියෙන් ඔහු නිහඬවම යන්න ගියා.මේ පිළිබඳව හැඟුමිබරව වූ ප්‍රේමය තවත් වියපත් වූ පුද්ගලයෙකු වන දැනුමගෙන් මෙිසේ ඇසුවා.
   “දැනුම ඔය දන්නවද මට උදව් කල අර වියපත් පුද්ගලය කවුද කියලා.”
 “ඔහුගේ නම කාලය.”

“කාලය... කාලය ඇයි මට උදව් කලේ ?”
“ඒ ප්‍රේමය කොයි තරම් උතුම්ද කියලා කාලයට පමණක් තෙරුම් ගන්න පුළුවන් නිසා.”

ඇත්තටම ප්‍රේමය උතුම් බව අදනම් තේරුම් ගන්න පුලුවන් කාලයට විතරක් වෙන්නැති.
 හැබැයි සමහරු මෙහෙමත් කියනවනේ . ප්‍රේමය කාලාවකි, දෙහදක මුලාවකි, කාලය කා දමන, මලහත්තිලව්වකි.

27 comments:

  1. ඒ කතාව හරිම ලස්සනයි.... නාසිසස් ගැන ලියන 1ත් ඒ වගේම ලියන්න

    ReplyDelete
  2. attatama waw..superb sehara

    ReplyDelete
  3. ප්‍රේමය කාලය කා දමයි <=> කාලය ප්‍රේමය කාදමයි.
    කොහොම හරි ඔය වැඩෙන් වෙන්නෙ අපි ප්‍රේමයයි කාලයයි දෙකම කන එක.

    ReplyDelete