Thursday, June 15, 2017

පුංචි ආත්මය





මලක් වනු පිණිස නුබ පුබුදුවන්නේ කෙලෙස
සලඔයෙක් වනු පිණිස තටු නොකපන්නේ කෙලෙස
මහා සයුර වන්ට දිය මඟ අහුරන්නේ ⁣කෙලෙස
පියෙක් නැති නුඔට මං මවක් වන්නේ කෙලෙස

කිරි පුසුඔ දැනි ලය රිදුමි දෙයි හදවතම
සිහිවෙලා සුමුදු ලය හැඬුමි එයි නිතර නිතර
කරන්නට කිසි දෙයක් නොතිබිබට අද මෙමට
පව් පිරැණු අම්මාට සමාව දෙන්නේ කෙදින

හිත රැවටුනේ දැනිලයි මහ මෙර සෙනෙහේ
ගත රිදවුයේ ඇනිලයි විස කටු දෙඇසේ
ලය ගිනිලුයේ තනිකම දැනිලයි මහදේ
පුත නැතිවුනේ පෙර පවටයි අද මාගේ

පැතුමක් පතන්නමි යලි මුණගැසෙන්නට
තුන්පත් රෑන ලෙස රැඳිලා හිඳින්නට
වෙනතක් බලා නොගිහින් මංපෙත් සදන්නට
අවසර දියන් හිත හෙමිහිට හැදෙන්නට


18 comments: